රොටුඹ ටියුෂන් ගුරුවරයෙකු අත්අඩංගුවට

මාතර – රොටුඹ ප්‍රදේශයේ හය ශ්‍රේණියේ සිසුවෙකුට ඔහු සහභාගිවන උපකාරක පන්තියක ගුරුවරයෙකු පහරදී ඇති බවට අදාළ සිසුවාගේ පියා චෝදනා කරනවා.

අධ්‍යයන කටයුතු සිදුවන අවස්ථාවේ තවත් සිසුවෙකු සමඟ කතා කළේ යැයි සඳහන් කරමින් ගුරුවරයා මෙලෙස තම දරුවාගේ පාදයට පෑනකින් ඇන ඇති බවයි ඔහු කියා සිටියේ.

මේ වනවිට එම දරුවා මාතර රෝහලේ ප්‍රතිකාර ලබන බවයි වාර්තා වන්නේ.

මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය රොටුඹ පොලීසියෙන් විමසීමක් කළ අතර, එහි උසස් නිලධාරියෙකු සඳහන් කළේ සිද්ධිය සම්බන්ධයෙන් අදාළ උපකාරක පන්ති ගුරුවරයා අත්අඩංගුවට ගෙන ඇති බවයි.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *