විදුහල්පති මාරුවට එරෙහිව දැමූ රාජකීය නඩුව අවසන්

ජාතික පාසල් 302 ක ඇති විදුහල්පති පුරප්පාඩු සපුරාලීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය, රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් අනුමත කරන ලද ඇගයීම් ක්‍රමවේදයන්ට පවත්වන ලද සම්මුඛ පරීක්ෂණයේ ප්‍රතිඵල මත විදුහල්පතිවරුන් පත් කිරීමට නියමිතව තිබූ අතර එම පත්වීම් නතර කර නැවත වතාවක් රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් අනුමත කරන ලද නව ඇගයීම් ක්‍රමවේදයක් පාදක කොට ගත් පරිපාටියක් හරහා අධ්‍යාපන අමාත්‍යාංශයේ ද එකඟතාවය මත විදුහල්පතිවරුන් බඳවා ගැනීමට තීරණය කර තිබුනේ මීට මසකට පමණ පෙර සිටයි.

කෙසේ වෙතත් කොළඹ රාජකීය විද්‍යාලයේ විදුහල්පතිවරයා මාරු කොට වෙනත් විදුහල්පතිවරයෙකු පත් කිරීමට රාජ්‍ය සේවා කොමිෂන් සභාව හා අධ්‍යාපන අමාත්‍යාංශය ක්‍රියා කරන බව පවසමින් කොළඹ රාජකීය විද්‍යාලයේ සංගම් 03 ක් විසින් පෙත්සමක් ගොනු කර තිබුණේ පසුගිය සතිය තුළයි.

එම පෙත්සම විභාගයට ගැණුනු අතර නීතිපතිවරයා විසින් අධිකරණයට දන්වා සිටියේ මේ වනවිටත් අධ්‍යාපන අමාත්‍යාංශය හා රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් අදාල විදුහල්පති මාරු කිරීම නව මාරු කිරීමේ ක්‍රමවේදයක් සකසන තෙක් අත්හිටුවා ඇති බවයි.

අධ්‍යාපන අමාත්‍යාංශය හා රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් විදුහල්පතිවරුන් පත් කිරීමට යෝජිතව ඇති මෙම නව ක්‍රමවේදය අදාළ පෙත්සම ගෙනෙු කිරීමට පෙර සිටත් සාකච්ඡාවට ගෙන තිබූ කරුණක් බව එහිදී අනාවරණය වුණා.

ඒ අනුව නුදුරේදීම අධ්‍යාපන අමාත්‍යාංශය විසින් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ එකඟතාවය මත පුරප්පාඩු වූ ජාතික පාසල් 302 හි විදුහල්පති පුරප්පාඩුව පිරවීම පියවර ගනු ඇති

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *