පෞද්ගලික මූල්‍ය ආයතනයක ගිණුමක තිබූ රුපියල් මිලියන 103ක් ව්‍යාජ ඊමේල් ගිණුම් යොදා ගනිමින් වෙනත් ගිණුම්වලට බැර කර වංචාවක් සිදු කර තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවකු ලබන මස 08 වැනි දින තෙක් රිමාන්ඩ් භාරයේ තබන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් රංග දිසානායක නියෝග කළා.
මෙලෙස රිමාන්ඩ් භාරයට පත් කරනු ලැබුවේ බාරවීන්ද්රන් උමේෂ් නමැති සැකකරුවෙකි.
අදාළ මුදල සැකකරු, ඉන්දියාවේ වෙසෙන පුද්ගලයකු ද සම්බන්ධ කර ගනිමින්, සැකකරුගේ බිරියගේ ගිණුමට බැර කරගෙන තිබෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරන ලද විමර්ශනයේ දී අනාවරණය වී තිබෙනවා.
මෙම සිද්ධිය පිටුපස නයිජීරියානු ජාතිකයන් ද සිටී ද යන්න සෙවීමටත් සැකකරුට අදාළ වංචාව සිදු කිරීමට සහාය දුන් අනෙකුත් පුද්ගලයන් සෙවීමටත් පුළුල් පරීක්ෂණයක් පවත්වන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නා.