විදුලිය කැපීමෙන් ජලයට රුපියල් කෝටි තුනක් පාඩුයි – විදුලි බල මණ්ඩලයෙන් පාඩුව අය කර ගන්න සුදානමක්

අගෝස්තු මස 16 වැනි දින දිවයින පුරා විදුලිය විසන්ධි වූ කාලයේ පානීය ජලය බෙදා හැරීමට නොහැකි වීමෙන් සිදුවූ පාඩුව වන රුපියල් කෝටි තුනක මුදල ලංකා විදුලබල මණ්ඩලයෙන් අය කර ගැනීමට ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සූදානම් වනවා.

විෂය භාර ඇමැති වාසුදේව නානායක්කාරගේ උපදෙස් මත විදුලි බල පනතට අනුව මෙම කටයුතු සිදු කිරීමට සැලසුම් කර තිබෙනවා.

විදුලිය විසන්ධි වීම නිසා පානීය ජලය සැපයීමට ජෙනරේටර් බාවිත කිරීමේදී ඉන්ධන මිලදී ගැනීමට වැය කර ඇති මුදල මිලියන 6 දශම 78ක් බව ගණනය කර තිබුණා.

විදුලිය විසන්ධි කර තිබූ කාලයේ විධිමත් අයුරින් පානීය ජලය සැපයීමට නොහැකි වීමෙන් ලැබූ පාඩුව රුපියල් මිලියන 23ක් වන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ඇස්තමේන්තු කර ඇති අතර එදින පානීය ජලය සැපයීමට බවුසර භාවිත කර ඇති අතර ඒ සඳහා ගෙවා ඇති කුලී මුදල රුපියල් ලක්ෂ තුනකට ආසන්නයි.

මේ අතර ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයට අයත් ජල පිරිපහදු මධ්‍යස්ථානවල ඇති ජෙනරේටර් මගින් විදුලිය නිෂ්පාදනය කර ජාතික පද්ධතියට එකතු කිරීමටද ජල සම්පාදන අමාත්‍යාංශයේ අවධානය යොමු වී තිබෙනවා.

දැනට එවැනි ජෙනරේටර් 35ක් මණ්ඩලය සතුව තිබෙනවා.එමගින් මෙගාවොට් දෙකක විදුලියක් නිෂ්පාදනය කර ජාතික පද්ධතියට එක් කිරීමේ හැකියාව තිබුණා.

කෙසේ වෙතත් විදුලි කප්පාදුව සිදු වූ දින ජල සම්පාදන මණ්ඩයට සිදුවී ඇතැයි සැලකෙන රුපියල් කෝටි තුනක පාඩුව ජල සම්පාදන මණ්ඩලයේ පාඩුවක් ලෙස නොසලකන ලෙසද ඇමැති වාසුදේව නානායක්කාර නිලධාරීන්ට දැනුම් දී ඇති බව සඳහන්.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *