“ලංකාවට අඛණ්ඩව ආයුධ දෙනවා”- රුසියානු විදේශ ඇමති කියයි

රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැවරොෆ් මහතා අද (14) පෙරවරුවේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී ඒකාබද්ධ මාධ්‍ය සාකච්ජාවකට එක්වුණා.

එහිදී ඔහු සඳහන් කළේ ශ්‍රී ලංකා යුද හමුදාවට අවශ්‍ය අවි ආයුධ අඛණ්ඩව සැපයීමට කටයුතු කරන බවයි.

දෙදින සංචාරයක් සදහා අද අලූයම දිවයිනට පැමිණි ඔහු පෙරවරුවේ විදේශ සබදතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන හමුවුණා.

මෙහිදී මාධ්‍ය සාකච්ජාවකට එක්වෙමින් රුසියානු විදේශ කටයුතු ඇමතිවරයා වැඩිදුරටත් කියා සිටියේ දෙරට අතර ද්වීපාර්ශවික වෙළදාම ඉහළ නැංවීමට කටයුතු කරන බවයි.

ජගත් සංවිධානය ඇතුළු ජාත්‍යන්තර සංවිධාන වලදී රුසියාව සමග එක්ව කටයුතු කිරීම පිළිබදව රුසියානු විදේශ කටයුතු ඇමතිවරයා මෙහිදී සිය ස්තුතිය පළකර සිටියා.

42 දෙනෙකුගෙන් යුත් දූත පිරිසක් සමග දිවයිනට පැමිණි රුසියානු විදේශ අමාත්‍යවරයා අද පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ද මුණ ගැසීමට නියමිතව තිබෙනවා.

You May also like

Comments are closed, but trackbacks and pingbacks are open.