නීති විරෝධී ආයුධ ජාවාරම් වැඩිවීමේ අවදානමක් ගැන රුසියාවෙන් අනතුරු අඟවයි

ඇෆ්ගනිස්තානයේ දැනට පවතින අර්බුදකාරී සහ අස්ථාවර පාලනයත් , ඇමරිකාව දැවැන්ත ආයුධ තොගයක් එහි අතහැරයාමත් හේතුවෙන් නීති විරෝධී ආයුධ වෙළෙදාම සම්බන්ධ භයානක තත්වයක් ඉදිරියේදී ඇතිවිය හැකි බව රැසියාව පවසයි.

රුසියානු ආරක්ෂක කවුන්සිලයේ නියෝජ්‍ය ලේකම් ඇලෙක්සැන්ඩර් වෙනඩික්ටොව් සදහන් කරන්නේ එය රුසියාවේත් , කලාපයේත් ආරක්ෂාවට බරපතල තර්ජනයක් විය හැකි බවයි.

ඇමරිකා එක්සත් ජනපදය විසින් ඇෆ්ගනිස්තානයේ අතහැර ගිය ආයුධ දැනටමත් නීතිවිරෝධී අවි ජාවාරම්කරැවන්ගේ ග්‍රහණයට නතුව ඇති බව ඔහු සදහන් කරයි.

ඇෆ්ගනිස්තානයේ වත්මන් තත්වය, ත්‍රස්තවාදය, අන්තවාදය, මත්ද්‍රව්‍ය ජාවාරම්, අනවසර සංක්‍රමණ මෙන්ම මූලධර්මවාදය කලාපය පුරා ව්‍යාප්ත කළ හැකි බවට ද රුසියානු ආරක්ෂක කවුන්සිලයේ නියෝජ්‍ය ලේකම් ඇලෙක්සැන්ඩර් වෙනඩික්ටොව් අනතුරැ අගවා ඇත.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *