ඇමෙරිකාව සමඟ ඇති කර ගත් න්‍යෂ්ටික අවි ගිවිසුමෙන් ඉවත් වෙන්න රුසියාව සුදානමින්

ඉදිරි මාස 6ක කාලය ඇතුළත අමෙරිකාව සමඟින් එළෙඹ ඇති න්‍යෂ්ටික අවි ගිවිසුමෙන් ඉවත්වීම රුසියාව කටයුතු කරමින් සිටියි.

ටර්ක්මේනිස්තානයේදී මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් කරමින් රුසියානු විදෙස් අමාත්‍ය සර්ජි ලැව්රෝ මේ බව තහවුරු කළේය.

රුසියානු රජය මේ තීරණයට එළෙඹ ඇත්තේ මීට දශක ගණනාවකට පෙර රුසියාව සමඟින් අත්සන් තැබුණු න්‍යෂ්ටික ගිවිසුමකින් ඉවත්වීමට අමෙරිකාව ගත් පියවරට ප්‍රතිචාර ලෙසයි.

සෝවියට් රුසියානු සමයේදී දෙරට අතර අත්සන් තැබුණු ගිවිසුම මෙම න්‍යෂ්ටික අවි ගිවිසුම න්‍යෂ්ටික අවිහරණය සම්බන්ධයෙන් ගත් දැවැන්ත උත්සාහයක් ලෙසින් සැලකෙයි.

දෙරට අතර පැවැති සීතල යුද්ධය පාලනය සඳහාද එය අතිශය වැදගත් විය.

2018 වසරේ ඔක්තෝබර් මාසයේ 20වැනිදා ප්‍රකාශයක් නිකුත් කරමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසුවේ තමන් අදාළ ගිවිසුමෙන් ඉවත් වන බවයි.

ඊට අනුව මේ මස පළමුවැනිදා සිට නිල වශයෙන් අමෙරිකාව අදාළ ගිවිසුමෙන් ඉවත් වෙයි.

නිල ඉවත්වීමෙන් පසු දිනම ඊට ප්‍රතිචාර දක්වමින් න්‍යෂ්ටික ගිවිසුමෙන් ඉවත්වන බව රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් අවධාරණය කළේය.

1987 වසරේදී එවක අමෙරිකානු ජනාධිපති රොනල්ඩ් රේගන් සහ සෝවියට් රුසියාවේ විධායක ලේකම් මිකායිල් ගොරබචොප් අතර ගිවිසුම අත්සන් තැබිණි.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *