ඩුබායි හි මාකඳුරේ මධුෂ් සමග අත්අඩංගුවේ පසුවන රංගන ශිල්පී රයන් වැන්රෝයන් එහි සිට දුරකථනයෙන් තමන්ට කතා කළ බව ඔහුගේ දියණිය නතාලි වැන්රෝයන් පවසනවා.
ඇය පවසන්නේ ඔහු දින දෙකක් තමන්ට ඇමතුම් ලබාදුන් බවයි.
“තාත්තා අපිට පසුගිය 7 වැනිදා කතා කළා. තාත්තා කිව්වා ෂෝ එක ඒ වගේ කෙනෙක්ගේ ෂෝ එකක් කියලා දැනගෙන හිටියා නම් තාත්තා ඒ ෂෝ එක භාර ගන්නේ නෑ කියලා. 12 වැනිදාත් කතා කළා. ඩුබායි හිරගෙදර ඉන්න කෙනකුට මම හිතන විදියට දවසට එක දුරකථන ඇමතුමක් හරි පවුලේ අයට කතා කරන්න ලබාදෙනවා. තාත්තා කතා කළ ගමන් අහන්නේ අපි මෙහේ හොඳින් ඉන්නවාද කියලා. එයාට අපි නැතිව පාළුයි කිව්වා. කතා කරන්න ලැබෙන පුංචි වෙලාවේ අම්මයි, මමයි, මල්ලියි තුන්දෙනාම කතා කරනවා. එයාට හැම තිස්සෙම ඕනේ අපි හොඳින් ඉන්නවාද කියලා දැනගන්න. තාත්තා ඒ රටේ තනිවෙලා. අපිට මෙහේ කවුරු හරි ඉන්නවා.
තාත්තා මේ ගමන ගිහින් තියෙන්නේ දන්නේ නැතිව. එයා ගොඩක් මානසිකව වැටිලා ඉන්නේ. එයාගේ කොණ්ඩේ කපලා කිව්වා. තාත්තා මට කිව්වා එයා හැමදාම රෑට අපිව මතක් වෙලා අඬනවා කියලා. “ යනුවෙන් නතාලි වැන්රෝයන් සඳහන් කළා.