සබීතාගේ ගොඩනැගිල්ල රහස් පොලිසියට ගන්න හදයි !

ප්‍රවීන රංගන ශිල්පිනී සබීතා පෙරේරා මහත්මියගේ ස්වාමිපුරුෂයාට අයත් රාජගිරියේ පිහිටි ගොඩනැගිල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහා  කුලියට ලබා ගැනීමට සූදානමක් ඇති බව සිංහලේ සංවිධානය සඳහන් කරනවා.

එහි ජාතික සංවිධායක ප්‍රදීප් පෙරේරා මහතා සඳහන් කරන්නේ මෙම ගොඩනැගිල්ල කුලියට ගනු ලබන්නේ කොපමණ මුදලකට ද යයි වහා හෙළි කළ යුතු බවයි.

මේ දිනවල පොලිස් අපරාධ පරීක්‍ෂණ කොට්ඨාශය පවත්වාගෙන යන ගොඩනැගිල්ලේ අලුත්වැඩියා කටයුතු සිදු කරන නිසා මෙසේ කුලී ගොඩනැගිල්ලකට යාම තීරණය වී ඇතැයිද ඔහු සඳහන් කළා.

මෙම ගොඩනැගිල්ල වසර කිහිපයක් තිස්සේ කෘෂිකර්ම අමාත්යංශය පවත්වාගෙන යනු ලැබූ අතර ඒ සදහා මාසිකව අධික මුදලක් ගෙවනු ලැබුවා.

ඊට එල්ල වූ දැඩි විරෝධතාව හේතුවෙන් නව රජය පත්වී මාස කිහිපයක් ඇතුළත අමාත්‍යංශය එතනින් ඉවත් කර ගනු ලැබුවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *