සයින්දමරුදු නගර සභාවක් ලෙස ගැසට් කෙරේ

සයින්දමරුදු ප‍්‍රාදේශීය ඒකකය නගර සභාවක් ලෙස නම් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ, මහනගර ආඥා පනතට අදාළව පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය විසින්.

ඒ අනුව ලබන මාර්තු මස 20 වනදා සිට සයින්දමරුදු නගර සභාව ස්ථාපනය කෙරෙන බවයි විෂයභාර අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන්ගේ අත්සනින් යුතුව නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ.

ප‍්‍රකාශයට පත් කළ සයින්දමරුදු නගර සභාවේ පරිපාලන සීමාවන් ද එහි දක්වා තිබෙනවා.

කල්මුණේ මහ නගර සභාවට අයත්ව තිබූ සයින්දමරුදු ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පරිපාලන සීමාවන් පිළිබඳ දෙමළ ජාතික සන්ධානය සහ ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංශ‍්‍රසය අතර ඉකුත් දා මතගැටුමක් ද හටගෙන තිබුණා

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *