නිදහස් පක්ෂයේ 15කට සජිත්ගෙන් නාම යෝජනා

ඉදිරි පාර්ලිමේන්තු මහා මැතිවරණය සඳහා එක්සත් ජාතික පක්‍ෂය ප‍්‍රමුඛ සන්ධානයෙන් තරග කිරීමට ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ හිටපු මැති ඇමැතිවරුන්, පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් ඇතුළු 15 දෙනකුට නාම යෝජනා ලබාදීමට විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා නිල වශයෙන් එකඟත්වය පළකර තිබෙනවා.

ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය සුරැුකීමේ සංවිධානයේ කැඳවුම්කරු බණ්ඩාර අතුකෝරල මහතා සඳහන් කළේ විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා සමග පැවැත්වූ සියලූ සාකච්ඡුා සාර්ථක බවත් පාර්ලිමේන්තු මහා මැතිවරණයේදී සජිත් පේ‍්‍රමදාස මහතා අගමැති ලෙස පත් කිරීමට ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය සුරැකීමේ සංවිධානය සම්පූර්ණ සහයෝගය ලබාදෙන බවයි.

දැනට මෛති‍්‍රපාල සිරිසේන මහතා සමග සිටින ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂ මන්තී‍්‍රවරුන් සහ ආසන සංවිධායකවරුන් විශාල පිරිසක් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමග තමන් සමග එක්වන බවත් බණ්ඩාර මහතා වැඩිදුරටත් සඳහන් කළා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *