සජිත් ‌නෙළුම් ‌පොකුණේදී ‘ජන බලවේගය’ එළිදක්වයි

විපක්ෂ නායක සජිත් ‌ප්‍රේමදාස මහතාගේ සභාපතිත්වයෙන් යුතුව බිහිකරන නව සන්ධානය එළිදැක්වීමේ කටයුතු ලබන සඳුදා (02) දින මහත් උත්කර්ෂවත් අන්දමින් ‌නෙළුම් ‌පොකුණ රඟහලේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් ‌කොට ඇති බව වාර්තා ‌වනවා.

ඒ සදහා දැනටමත් සියලු කටයුතු සංවිධාන ‌කොට ඇති අතර එදිනම ඊට සම්බන්ධ වන ‌සෙසු පක්ෂ සමග ගිවිසුම්ගත වීමටද කටයුතු සැලසුම් ‌කොට ඇති බව දැනගන්නට තිබෙනවා.

‘සමගි ජන බලවේගය’ නමින් හැදින්වෙන ‌මෙම නව සන්ධානයට එක්වීම සදහා දැනටමත් පාඨලී චම්පික රණවක, රවුෆ් හකීම්, මනෝ ගනේෂන්, පලනි දිගම්බරම් සහ රාධක්‍රීෂ්ණන් යන මහත්වරුන්ගේ පක්ෂ එකගතාව පළ ‌කොට තිබෙනවා.

මෙවැනි ‌දේශපාලන වැඩසටහනකට ‌නෙළුම් ‌පොකුණ රඟහල භාවිත කරනු ලබන්නේ පළමු වතාවට බවද දැනගන්නට තිබෙනවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *