රන්ජන්ගේ මන්ත්‍රීධූරය සුරක්ෂිතයි. ඒත් ඔහුගේ ජීවිතය අවදානමක

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද(22) පෙරවරුවේ අගුනකොලපැලැස්ස බන්ධනාගාරයට ගොස් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාගේ සුවදුක් විමසා බැලීය.

පවත්නා නීතිමය තත්ත්වය පිළිබඳව පැහැදිලි කළ සජිත් ප්‍රේමදාස මහතා, කතානායකවරයා විසින් වහාම රංජන් රාමනායක මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවට ගෙන්විය යුතු බවද කීය. සිරගෙදර තුල රංජන් රාමනායක මන්ත්‍රීවරයාගේ ජීවිතය බරපතල අවදානමකට ලක්ව ඇති බවත් ආණ්ඩුව මේ පිළිබඳව වහාම සිය අවදානය යොමු කළ යුතු බවත් ඒ මහතා පැවසීය. තම පක්ෂය රංජන් රාමනායක මන්ත්‍රීවරයා වෙනුවෙන් නිරන්තරයෙන්ම පෙනී සිටින බවද හෙතෙම පැවසීය .

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *