දැන් සජිත් රන්ජන් සමග බන්ධනාගාරයේ

විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද (22) දින අගුණුකොළපැලැස්ස බන්ධනාගාරය තුළට යාමට නියමිතව ඇති බව දැනගන්නට ඇත.

ඒ, වසර 4ක සිර දඩුවමකට යටත්ව බන්ධනාගාරතව සිටින සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ දුකසැප විමසීම සදහාය.

රන්ජන් රාමනායක මහතා මේ වනවිට සී 01 වාට්ටුවේ රදවා සිටින අතර ඔහු සමග ජුලම්පිටියේ අමරේ සහ කළු තුෂාර වැනි පාතාල සාමාජිකයන් සිටින බව වාර්තා වී තිබිණ.

මීට පෙර දිලිප් වෙදආරච්චි මහතාද රාමනායක මහතාගේ සුවදුක් විමසීම සදහා බන්ධනාගාරයට ගොස් තිබිණ.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *