ජයග්‍රහණයෙන් පසු මගේ වේගයට වැඩකරන්න හැමෝම ලෑස්ති වෙන්න. දූෂිතයෝ පළාතකට ගන්නේ නැහැ (Video)

ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් පසු සියලු දෙනාම තමන්ගේ වේගයෙන් වැඩකිරීමට සූදානම් වියයුතු බව එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කළේය.

ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (13) වැල්ලවායේදී පැවති ජනහමුවක් අමතමිනි.

එමෙන්ම කැපකිරීම් සිදුකිරීමට සූදානම් විය යුතු අතර අතර අලුත් කණ්ඩායමක් නිර්මාණය කරන බවයි ප්‍රේමදාස මහතා කියාසිටියේ.

“ජයග්‍රහණයෙන් පසේ අපි අලුත් තාලේ ගමනක් යන්නේ. පරණ තාලේ ගමනක් නෙවෙයි. ඉබි ගමන් නෙවෙයි. හැමෝම ලෑස්ති වෙන්න ඕනේ මගේ වේගෙට වැඩකරන්න. හැමෝම ලෑස්ති වෙන්න ඕනේ කැපකරන්න. ඒ නිසා අලුත් කණ්ඩායමක් නිර්මාණය කරනවා. දක්ෂයන්ට තැන දෙනවා. දූෂිත නොවන දේශපාලනඥයින් ඉදිරියට ගේනවා. දූෂිතයන්ට තැනක් නැහැ. දූෂිතයන්ව ගාවගන්නේත් නැහැ. අත්වල ලේ නොගෑවුණු ජරාව නොගෑවුණු හොඳ දක්ෂයෝ කොටසක් ඉන්නවා”

මේ අතර 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පසු පත්වන ජනාධිපතිවරයා පඹයෙක් ලෙස ඇතැමුන් අර්ථ ගැන්වුවද සජිත් ප්‍රේමදාස පඹ ගාලක පැටලෙන්නේ නැති බවද ඔහු ප්‍රකාශකළේය.

තමන් මේ රටේ ජනාධිපතිවරයා වන විට කොන්ද කෙළින් තබාගෙන ජනතාව බලාපොරොත්තු වන ආකාරයට උසස් ජනතා සේවයක් ලබාදීමට දිවිහිමියෙන් කැපවන බවද හෙතෙම අවධාරණය කළේය.

“අපේ රජයේ ඥාති සංග්‍රහය, පවුල් පාලනය පැත්ත පලාතක ගේන්නේ නැහැ. අපේ අරමුණ දක්ෂ හපන්කම් තිබෙන යෞවන පරපුරට තැන ලබා දීමයි.”

මේ රටේ ජනාධිපතිවරයා යනු මුළු රටෙන්ම පත්වෙන පුද්ගලයා වන අතර රටටම වගකියන තැනැත්තාද ඔහු වන බැවින් තමන්ට ඓතිහාසික ජනවරම ලබාදෙන විට ජනාධිපති සංවර්ධන විශේෂ කාර්ය සාධක බලකායක් පිහිටුවන බවත් මුළු රටම ආවරණය වන පරිදි සෑම උපදිසාපති කොට්ඨාසයකම එම ඒකකය ස්ථාපනය කරන බවත් සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේය.

“ජනාධිපති කාර්යාලය කොළඹ තිබුණත් සෑම ගමක්ම සෑම නගරයක්ම මෙම ව්‍යාපෘතිය හරහා සංවර්ධනවන බවයි ප්‍රේමදාස මහතා කියාසිටියේ.

අවසාන වශයෙන් පොදු ජනතාවගේ ප්‍රශ්න විසඳන නොනිදන ජනතා සේවාවක් ලබාදෙන තැනැත්තෙක් බවට ජනාධිපතිවරයා පත්කරන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *