සමන් රත්නප්‍රියට රුපියල් එක්කෝටි විසි ලක්ෂයක වාහනයක්

නවක මන්ත්‍රීවරයකු ලෙස ඉකුත්දා දිවුරුම් දුන් සමන් රත්නප්‍රිය මහතාට තීරුබදු රහිත වාහන බලපත්‍රයක් ලබාදීමට කටයුතු කරමින් සිටින බව වාර්තා වනවා.

වාහන බලපත්‍රය ලබාදීමට අදාළ ලියකියවිලි අනුමැතිය සඳහා අමාත්‍යාංශ ලේකම්වරයාට දැනටමත් යවා ඇති බවයි එම වාර්තා මගින් පැවසුණේ.

රත්නප්‍රිය මහතාට හිමිවන තීරු බදු රහිත වාහන බලපත්‍රයේ වටිනාකම ඇමෙරිකානු ඩොලර් 65,000ක් වනවා.

සමන් රත්නප්‍රිය මහතා එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස ඉකුත් ජනවාරි මස 23 වැනිදා පත් කෙරුණේ පත්කළ මන්ත්‍රී ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා ඉල්ලා අස්වීමෙන් ඇතිවූ මන්ත්‍රී පුරප්පාඩුවටයි.

රජයේ හෙද නිලධාරින්ගේ සංගමයේ සහාපතිවරයා වූ සමන් රත්නප්‍රිය මහතා ඉකුත් යහපාලන රජය බලයට පත්කිරීමට කටයුතු කළ සමාජ ක්‍රියාකාරි සංවිධාන කිහිපයකම පුරෝගාමියෙකි.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *