කොරෝනා ආසාදිතයන්ගේ සාම්පල රිළවුන් ඩැහැගෙන ගිහින්..වයිරසය පැතිරීමේ බියක්-පැහැරගත් අයුරු මෙන්න (VIDEO)

ඉන්දියාවේ මීරුට්හි වෛද්‍ය විද්‍යාලයේ සිටින කොරෝනා ආසාදිතයන්ගේ රුධිර සාම්පල රැගෙන යමින් සිටි පරීක්ෂණගාර නිලධාරියකුට හිරිහැර කළ රිලා රංචුවක් එම සාම්පල සහිත කට්ටල කිහිපයක් රැගෙන පලාගොස් ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

ආසාදිතයන් තිදෙනෙකුගේ සාම්පල රිලා රංචුව රැගෙන ගොස් ඇතැයි නිලධාරීහු පවසනවා.

ගසකට නැගුණු එක් රිලවෙකු එම සාම්පලයක් කඩමින් සිටින වීඩියෝවක් ද මාධ්‍යයන්හි සංසරණය වෙමින් පවතිනවා.

රිලවුන් මෙම සාම්පල ඒ ආසන්නයේ පිහිටි සෙසු පෙදෙස්වලටද ගෙන යාම හේතුවෙන් වයිරසය ව්‍යාප්ත වීමට අවකාශයක් ඇතැයි ජනතාව තුළ බියක් හටගෙන තිබුණා.

කෙසේවුවත්, එම ආසාදිතයන්ගෙන් නැවත සාම්පල ගෙන නොමැති බව පැවසෙනවා.

මේ වන විට එම ප්‍රදේශයේ ආරක්ෂක අංශ සහ වනජීවී නිලධාරීන් විසින් මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *