පසුගිය වසරේ ඔක්තෝබර් 26 වැනිදා පත්වූ රජය සමෘද්ධි සංවර්ධන නිලධාරීන්හට ලබාදුන් ස්ථිර පත්වීමේ ලිපිය නෛතික භාවකින් තොර ලිපියක් බව ප්‍රාතමික කර්මාන්ත සහ සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශ ලේකම් ගාමිණී සෙනවිරත්න මහතා පවසා ඇතැයි සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ගේ සංගමය පවසනවා.
සමෘද්ධි සේවකයින් 4500ක පිරිසක් හට අමාත්‍ය විමල් විරවංශ මහතාගේ ආරාධනය අනුව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතින් මෙම පත්වීම් ලිපි ලබාදී තිබුණා.
මැතිවරණයක් අපේක්ෂාවෙන් සමෘද්ධි සේවකයින් 4500ක පිරිසක් මේ ආකාරයෙන් රැවටීම පිළිකුලෙන් යුතුව හෙලා දකිමින් ජනමාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සමෘද්ධි නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් චාමර මද්දුම කළුගේ මහතා මේ බව පවසා තිබෙනවා.
එම ලිපියේ දැක්වෙන පරිදි මෙම පත්වීම් ලිපියට රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතිය හිමිව නැහැ.