සනත් ජයසූරිය වෙත පනවා ඇති තරග තහනම ඉවත් කර ගැනීමට මැදිහත්විය යුතු බව ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග පවසනවා.
ශ්‍රී ලංකාවේ ක්‍රිකට් බලධාරීන් ඊට මැදිහත් නොවූවද ක්‍රීඩා අමාත්‍යවරයා හෝ ඒ සඳහා මැදිහත් විය යුතු බවයි ඔහු පෙන්වා දෙන්නේ.
තමන්ගේ දුරකථනය ලබනොදීමේ චෝදනාවට සම්පූර්ණයෙන්ම ක්‍රිකට් තහනම් කිරීම හෝ පැත්තකට කර දැමීම වැරදි තීරණයක් බව හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග පෙන්වා දෙනවා.
ක්‍රිකට් බලධාරීන් ඊට මැදිහත් නොවන නිසා ක්‍රීඩා අමාත්‍යවරයා හෝ සාධාරණය වෙනුවෙන් පෙනී සිටියයුතු බව ඔහු පෙන්වා දෙනවා.
තරග පාවාදීම් පිළිබඳව සෙවීම අනිවාර්යයෙන්ම කළ යුතු බව ද පවසන අර්ජුන රණතුංග ඒ සඳහා ඇතුළත පරීක්ෂා කර බැලිය යුතු බවත් එවිට සැබෑ ඔට්ටු දමන්නන් හසුවනු ඇති බවත් පවසනවා.
සනත් ජයසුරිය 1996 වසරේ ක්‍රිකට් ලෝක කුසලානය දිනූ කණ්ඩායමේ ක්‍රීඩකයෙකු බව අමතක නොකළ යුතු බවද අර්ජුන පවසනවා.