පාසල් රග්බි ක්‍රීඩකයාට ‘පහරදී දඬුවම් දෙන’ පුහුණුකරු (VIDEO )

හැව්ලොක් රග්බි ක්‍රීඩා පිටියේදී ශාන්ත පීතර විදුහලේ පුහුණුකරු පාසල් ක්‍රීඩකයෙකුට පහරදීමේ සිද්ධිය පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි කතාබහක් ඇතිව තිබෙනවා.

රග්බි පුහුණුකරු සනත් මාටිස් විසින් ශාන්ත පීතර විදුහල සහ ඩී. එස්. සේනානායක විදුහල අතර පැවති මිත්‍රශීලි රග්බි තරගයක් අතරතුර මෙලෙස ක්‍රීඩකයෙකුට පහරදීම සිදු කළා.

එම ක්‍රීඩකයා ඩී. එස්. සේනානායක විදුහලේ ක්‍රීඩකයෙකුට පහරදීමේ සිදුවීමක් සම්බන්ධයෙන් මෙලෙස දඬුවම් ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.

මේ සම්බන්ධයෙන් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක මහේල ජයවර්ධන ද මෙම පහරදීම සම්බන්ධයෙන් සිය අසතුට පළ කර තිබෙනවා.

කෙසේ නමුත් රග්බි ක්‍රීඩාවට සම්බන්ධ බොහෝ පිරිස් රග්බි පුහුණුකරුගේ හැසිරීම සාමාන්‍ය කරුණක් ලෙස සලකා බැහැර කිරීම විශේෂත්වයක්.

මෙම සිදුවීමට අදාළ වීඩියෝව මේ සමග දැක්වෙනවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *