පාසල් රග්බි ක්‍රීඩකයාට පහරදුන් ‘වීඩියෝව නිසා’ රග්බි පුහුණුකරුට අත්වූ ඉරණම

හැව්ලොක් රග්බි ක්‍රීඩා පිටියේදී පාසල් ක්‍රීඩකයෙකුට පහරදීමේ සිද්ධිය පිළිබඳව පරීක්‍ෂණය අවසන් වන තෙක් එම විදුහලේ රග්බි පුහුණුකරු සනත් මාටිස් මහතාට රග්බි ක්‍රීඩාවේ කිසිදු කාර්යයකට සහභාගි වියනොහැකි ලෙස තහනමක් පැනවීමට ශ්‍රී ලංකා රග්බි සංගමය පියවර ගෙන තිබෙනවා.

මෙම සිද්ධිය පිළිබඳව පාසල් සංගමය මේ දක්වා ගත් පියවර පිළිබඳව වාර්තාවක් කැඳවීමට ද තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ රග්බි පුහුණුකරුවකු සහ පුහුණුකරුවන්ගේ උපදේශකයකු ද වන සනත් මාටිස් මහතා පාසල් රග්බි ක්‍රීඩකයකුට පහර දුන්නේ යැයි කියන සිද්ධියක වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරී යාම හේතුවෙන් ඔහුට මෙම තහනම පැනවී තිබෙනවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *