සනත් නිශාන්තගෙ මෝටර් රථයෙ ගැටුන අයෙක් මරණයට

රාජ්‍ය ඇමති සනත් නිශාන්ත මහතා ගමන් ගනිමින් තිබු සුඛෝපභෝගි මෝටර් රථයෙ ගැටී බරපතල තුවලා ලබා සිටි අයකු කුරුණෑගල ශීක්ෂණ රෝහලේදී ඊයේ (30) දින සවස මරණයට පත්ව ඇති බව ඥාතින් පවසයි.

මෙසේ මරණයට පත්ව ඇත්තේ පුත්තලම මුල්ලිපුරම් ධීවර ගම්මානයෙ පදිංචි දෙදරු පියකු වු මොහොමඩ් සිහාම් නැමති 48 හැවිරිදි අයකු බව කියයි.

පසුගිය ඔක්තෝම්බර් 15 දින සවස මෙම අනතුර පුත්තලම කුරුණෑගල මාර්ගයෙ පිටවට රවුම් පාර මාර්ගයට ආසන්නයෙ දී සිදුව තිබුනී.

අනතුර සිදුවන අවස්ථාවේදි මරණයට පත්වු තැනැත්තා ගමන් කල ඩයිඩෝ කුඩා භාණ්ඩ ප්‍රවාහන රථය හා රාජ්‍ය ඇමතිවරයා ගමන් කල මෝටර් රථයද එකම දිශාවට ගමන් කර තිබු බව කියයි.

රාජ්‍ය ඇමතිවරයා කිසියම් කටයුත්තකට ගොස් ආපසු පුත්තලම නගරය දෙසට පැමිණේමින් තිබියදි ඇමතිවරයාගේ රථය මෙම ඩයිඩෝ රථය ඉස්සර කර යාමට සුදානම් විමත් සමග අනතුර සිදුව ඇති බව පොලිස් පරික්ෂණ වලදී සනාථ වී තිබුනී.

අනතුරත් සමග අදාල තුවාල කරු පුත්තලම මුලික රෝහලට ඇතුලත් කර තිබු අතර තත්වය බරපතල වීම හේතුවෙන් කුරුණෑගල ශීක්ෂණ රෝහල වෙත මාරු කර යැවිමට කටයුතු කර තිබුනී.

දින 15 කට ආසන්න ව පුත්තලම හා කුරුණෑගල රෝහල් වල දැඩි සත්කාර ඒකක වල ප්‍රතිකාර ලබමින් සිටි මෙම දෙදරු පියා 30 දින සවස මරණයට පත්ව තිබේ.

අනතුරින් මරණයට පත්වු තැනැත්තා ඔහුගේ ඩයිඩෝ පැදියෙන් ජලය රැගෙන ගොස් අලේවි කර විකිණිමේ ව්‍යාපාරයක් පවත්වාගෙන ගොස් තිබු අතර ස්ථිර ආදායම් මාර්ගයක් නොතිබු බව ඥාතින් පවසයි.

මොහුගෙ මරණයෙන් හේතුවෙන් පුත්තලම පාතිමා ජාතික පාසලෙ 10 ශ්‍රේණීයෙ හා සහිරා ජාතික පාසලෙ අධ්‍යාපනය හදාරණ දරුවන් දෙදෙනාගේ අනාගතය කටයුතු සම්පුර්ණයෙන් නැවති යාමේ තත්වයකට පත්ව ඇති බව ඥාතින් පවසති.

ඥාතින් පවසන්නේ අනතුරින් පසු කිසිම අවස්ථාවක රාජ්‍ය ඇමති වරයා අනතුරින් මරණයට පත්වු තැනැත්තා පිළිබදව හෝ පවුලේ පිරිස් පිළිබදව සොයා බැලිමක් සිදුකර නොමැති බවයි.

අදාල අනතුර සම්බන්ධයෙන් ඇමතිවරයාගෙ රියදුරා ලෙස කටයුතු කල තැනැත්තා පුත්තලම මුලස්ථාන පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන තිබු අතර මේ වන විට ඇප මත නිදහස් වි ඇති බවත් නැවත අදාල සැකකාර රියදුරා අත් අඩංගුවට ගැනිමට කටයුතු කරන බවත් පොලිසිය කියයි.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *