ෆොන්සේකා SJB සභාපතිකමෙන් දොට්ට

පාර්ලිමේන්තු මන්ත්‍රී ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා සමගි ජන බලවේගයේ සභාපති ධුරයෙන් නෙරපා දැමීමට එම පක්ෂය තීන්දු කර ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව එම ඉවත් කිරීම ඉතා ඉක්මනින්ම සිදුකරනු ඇති බව පක්ෂයේ ඉහළම ආරංචි මාර්ග සඳහන් කළේය.

ෆොන්සේකා මහතා විසින් පක්ෂ නායකත්වය හා පක්ෂය ප්‍රසිද්ධියේ විවේචනය කිරීම මත පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයින් රැසක් විසින් ඉල්ලා තිබුණේ ඔහු සභාපති ධුරයෙන් ඉවත් කරන ලෙසයි.

මේ අතර ෆොන්සේකා මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග සාකච්ඡා පවත්වා ඇති අතර ඕනෑම අවස්ථාවක ආණ්ඩුවට එක් වනු ඇති බවටද මත පළවෙමින් ඇත.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *