අරාබියේදී ත්‍රස්තවාදීන් 37කගේ හිස්ගසාදමයි

ත්‍රස්තවාදී අපරාධ සම්බන්ධයෙන් වරදකරුවන් කරනු ලැබූ සවුදි අරාබි පුරවැසියන් 37 දෙනකු හට එරට අධිකරණය මරණ දණ්ඩනය පමුණුවා තිබෙනවා.

මෙසේ මරණීය දණ්ඩනය හිමිවූ පිරිසෙන් වැඩිදෙනෙක් සවුදියේ සුළුතරයක් වන අන්තවාදී ෂියා ඉස්ලාම් නිකායට අයත් වුවන් බව සඳහන්.

හිස් සුන් කවන්ධයන් සහ රිටක අමුණන ලද හිස්, අන්‍යයන්ට පාඩමක් වන පිණිස ප්‍රසිද්ධියේ ප්‍රදර්ශනය කිරීමටද බලධරයෝ කටයුතු කර තිබෙනවා.

මෙම දඬුවම් පැමිණවීම ඉරානය වෙත දුන් දේශපාලනමය සංඥාවක් බවද, එය නිසා සවුදි අරාබිය හා ඉරානය අතර නොහොඳකම් වර්ධනය වනු ඇතැයිද මැදපෙරදිග දේශපාලන නිරීක්ෂකයෝ පවසනවා.

මෙය 2016 ජනවාරියෙන් පසු සවුදි රාජ්‍යයේ එක් දිනක් තුළ වැඩිම පිරිසකට සමූහ මරණ දණ්ඩනය ලබාදුන් අවස්ථාවය ආරක්ෂක මධ්‍යස්ථානයන්ට බෝම්බ ප්‍රහාර එල්ල කිරීම, ආරක්ෂක නිලධරයන් ඝාතනය කිරීම හා රාජ්‍ය ආරක්ෂාවට එරෙහිව සතුරු සංවිධාන සමඟ ගනුදෙනු කිරීම යනාදිය දඬුවම් ලැබූවන්ට නඟා තිබූ චෝදනාවන් වනවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *