තම කුලුඳුල් කෘතිය එළිදක්වමින් හිටපු ජාත්‍යන්තර විනිසුරුවකු වන සයිමන් ටෝෆල් පැවසූ දේ

හිටපු ජාත්‍යන්තර විනිසුරුවකු වන සයිමන් ටෝෆල් පවසුවේ දිවා – රාත්‍රි ටෙස්ට් ක්‍රිකට් තරග පැවැත්වුවද එමඟින් ටෙස්ට් ක්‍රිකට් තරග නැරඹීම වෙනුවෙන් ක්‍රීඩා ලෝලීන් ගෙන්වා ගැනීම අසීරු කරුණක් බවයි.

ඉන්දියාවේදී දිල්ලි නුවරදී තම කුලුඳුල් කෘතිය එළිදැක්වීමේ උත්සවයට එක්වෙමින ඔහු සදහන් කලේ “ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව මේ වන විට මුහුණපා සිටින අභියෝගාත්මක තත්ත්වයට දිවා – රාත්‍රි ටෙස්ට් තරග පවැත්වීමෙන් විසඳුමක් ලැබෙන්නේ නැහැ. මෙයට වඩා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීමටත්, එය වඩාත් ආකර්ෂණීය සහ නරඹන්නන් වෙත විනෝදාස්වාදය ගෙන දෙන කටයුත්තක් බවට පත් කිරීමට පියවර ගැනීම මඟින් ඊට විසඳුම් සෙවිය යුතු බවයි මා සිතන්නේ. එමෙන්ම ඒ සඳහා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ අදහස් විමසමින් ඔවුන්ගේ ප්‍රතිචාරය කුමක්දැයි සොයා බැලීමත් වැදගත් වනවා.” යනුවෙනුයි.

තවද විස්සයි-20 ක්‍රීඩා රටාවේ ආකර්ෂණීය තරගාවලිත් ඉතාමත් ඉහළ තත්ත්වයේ එක්දින තරගාවලි වෙතත් ක්‍රීඩා ලෝලීන් ආකර්ෂණය වීම හේතුවෙන් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට මෙම අවාසනාවන්ත තත්ත්වය උදාවූ බව තම මතය බවද එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් සයිමන් ටෝෆල් පවසා ඇත.

එමෙන්ම වර්තමානයේදී ක්‍රිකට් ක්‍රීඩාවේ පවතින දැඩි තරගකාරී ස්වභාවයත්, ක්‍රිකට් තරග සඳහා භාවිත කෙරෙන උසස් තාක්ෂණයත් නිසා විනිසුරුවන් දැඩි පීඩනයකට පත්ව ඇති බවද එහිදී අදහස් දක්වමින් ටෝෆල් පවසා ඇත.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *