පාඩම් කරන්න අවදිවූ සිසුවිය මරා එල්ලුවා ද..එල්ලී මැරුණා ද? (Photos)

පාසල් සිසුවියක් තම පදිංචි නිවසේ ගෙල වලලාගෙන මිය ගොස් ඇති බව බගවන්තලාව පොලිසිය සඳහන් කළා.

බගවන්තලාව පොලිස් වසමට අයත් ටින්සින් වතුයායේ ටින්සින් දමිල මහා විද්‍යාලයේ උසස්පෙල හදාරමින් සිටි මුත්තුමණි ප්‍රියවංශනි නැමති 18 හැවිරිදි පාසල් සිසුවිය මෙලෙස මියගොස් තිබෙනවා.

අද අලුයම 3 ට පමණ අවදි වි ඇති පාසල් සිසුවිය පාඩම් කරන බව පවසා නිවසින් පිටතට පැමිණි තම නිවසේ වහලේ බාල්කයේ මවගේ සාරියකින් ගෙල වැලලාගෙන ඇති බවට තොරතුරු ලැබී ඇති බවයි බගවන්තාව පොලිසිය පැවසුවේ.

මිය ගිය සිසුවිය බාල්කයේ එල්ලි සිටින බව ඇයගේ සොහොයුරියක් විසින් අලුයම 5.30 ට පමණ දැක එ බව බගවන්තලාව පොලිසියට දැනුම් දි තිබෙනවා.

සියදිව් හානි කරගත්තේ යැයි කියන පාසල් සිසුවිගේ පාද දෙක ගැට ගසා තිබිම සම්බන්ධයෙන් මෙය සිය දිව් හානි කරගැනිමක්ද නැතහොත් ඝාතනයක්ද යන්න පිලිබදව බගවන්තලාව පොලිසිය අංශ කිහිපයක් ඔස්සේ පරික්ෂන ආරම්භ කර තිබෙනවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *