කිලිනොච්චි දිස්ත්‍රික්කයේ සියලුම පාසල් අද සිට සිකුරාදා දක්වා වසා තැබීමට තීරණය කර තිබෙනවා.
ඒ ඊයේ තවත් කොරෝනා රෝගියෙකු වාර්තා වීමත් සමගයි.
කිලිනොච්චි ප්‍රදේශයේ පදිංචි 72 හැවිරිදි මොහු රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම නිසා පී. සී. ආර්. පරීක්ෂණයකට ලක් කර ඇති අතර එහිදී වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබෙනවා.
මේ වන විට ඔහු වැලිකන්ද කොරෝනා විශේෂ ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබනවා.
ඔහුගේ පළමු පෙළ ආශ්‍රිතයන් හයදෙනෙකු ද නිරෝධායනයට ලක්කර ඇති බවයි කිලිනොච්චි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා කියා සිටියේ.