කතෝලික පාසැල් වැසේ – අගරදගුරුගේ පණිවිඩය මෙන්න

කොළඹ අගරදගුරු පදවියේ සියලූම කතෝලික පෞද්ගලික පාසල් සහ දේවස්ථාන ලබන සතියේද වසා දැමීමට මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමන් දැනුම් දී තිබෙනවා.

මේ අනුව ලබන ඉරිදා කතෝලික දෙව් මැදුරුවල දේව මෙහෙයන් නොපවත්වන අතර යළි දැනුම් දෙනතුරු කොළඹ අගරදගුරු පදවියේ කතෝලික පාසල් වසා දැමෙනු ඇතැයි කොළඹ අගරදගුරු පදවි ජන සන්නිවේදන කේන්ද්‍රයේ අධ්‍යක්‍ෂ එඞ්මන්ඞ් තිලකරත්න පියතුමා සඳහන් කළා.

රටේ පවතින ආරක්‍ෂිත තත්ත්වය පිළිබඳ අවදානම මෙතෙක් පහව ගොස් නැති නිසා මෙම පියවර ගත් බවද උන්වහන්සේ පැවැසූවා.

කොළඹ අගරදගුරු පදවියේ දේවස්ථානවල යළි දේව මෙහෙයන් පවත්වන දිනය සහ පාසල් ආරම්භ කරන දිනය පසුව දැනුම් දෙන බවද එඞ්මන්ඞ් තිලකරත්න පියතුමා කියා සිටියා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *