පාසල් හෙට සිට යළි නිවාඩු – තීන්දුව මෙන්න

හෙට (13) සිට එලඹෙන 17 දක්වා සියලූම පාසල් වසා දැමීමට තීරණය කර තිබේ. අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා මේ බව නිවේදනය කළේය.

ඒ පිළිබඳව අධ්‍යාපන අමාත්‍යංශය නිකුත් කළ නිවේදනය පහතින්,

දිවයිනේ ‘‘කොවිඩ් 19’’ වර්තමාන ව්‍යාප්තිය පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශයේ දැඩි අවධානය යොමු කළ අතර පවතින තත්ත්වය සහ සමාජ මාධ්‍යවල පළවන ඇතැම් සාවද්‍ය ප්‍රවෘත්ති පදනම් කරගෙන දෙමාපියන්, දරුවන් මෙන්ම ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් කිසියම් සැකයකින් හා බියකින් පසුවන බව නිරීක්ෂණය වී ඇත.

දරුවන්ගේ සුරක්ෂිත භාවය පදනම් ව පාසල් අධ්‍යාපනය ක්‍රියාත්මක කිරීමේ දී නිදහස් සහ නිරවුල් මනසකින් සියලු දෙනා කටයුතු කළ යුතු බැවින්, එකී වාතාවරණය සකසා දීම අධ්‍යාපන අමාත්‍යාංශයේ වගකීම වේ.

ඒ අනුව, සෞඛ්‍ය සහ ආරක්ෂක අංශවල මාර්ගෝපදේශයන් ද සැලකිල්ලට ගෙන පාසල් ක්ෂේත්‍රය තුළ ඇතිවිය හැකි අයහපත් තත්ත්වයන් නිරීක්ෂණයට භාජනය කිරීම සඳහා එක් සතියක්, එනම් ජූලි 13 සදුදා සිට 17 සිකුරාදා දක්වා දිවයිනේ සියලුම පාසල් සහ පිරිවෙන් සඳහා නිවාඩු ලබා දීමට තීරණය කරන ලදි

You May also like

4 Comments

  1. එතකොට මේ වනවිට සිසුන් නේවාසික කර අධ්‍යයන කටයුතු කරගෙන යන විද්‍යාපීඨ සිසුන්ට මොකද වෙන්නේ.

    1. රටේ මෙච්චර ප්‍රශ්න තියනවා..නිකන් හරකෙක් වගෙ මොනාද මේ අහන ප්‍රශ්න..තමුසේ තනකොලද කන්නෙ අයිසේ

    2. උබ බුරූවෙක්ද

    3. මොන බූරුවෙක්ද අප්පාාා මේහ්..තනකොලද උබ කන්නෙ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *