ශ්‍රී ලංකා පිළ අද තරග බිමට

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ස්කොට්ලන්ත කණ්ඩායම අතර දෙවන සහ අවසන් එක්දින ක්‍රිකට් තරගය අද (21) පැවැත්වෙනවා.

තරගාවලියේ පළමු තරගය වර්ෂාව හේතුවෙන් අත්හැර දැමීමටයි සිදුවුණේ. අද තරගය පැවැත්වීමට හැකි වුවහොත් එය ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට ලෝක කුසලානයේදී හිමිවන තණතීරුවලට සමාන තණතීරුවල අත්දැකීම් ලබාගැනීමේ අවස්ථාවක් වනු ඇති.

එමෙන්ම දිමුත් කරුණාරත්න එක්දින තරගයකදී ශ්‍රී ලංකා පිල මෙහෙයවන පළමු අවස්ථාවද මෙය වනවා. ලෝක කුසලාන ක්‍රිරකට් තරගාවලියට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියකදී සහභාගි වන අවසන් තරගයද මෙයයි.

කෙසේවෙතත් ලෝක කුසලාන ප්‍රධාන තරග ආරම්භයට පෙර ශ්‍රී ලංකාවට පුහුණු තරග දෙකක් ලබාදී තිබෙනවා. ඒ, දකුණු අප්‍රිකාව සහ ඕස්ට්‍රේලියාව සමගයි. එම තරග ලබන සිකුරාදා ආරම්භ වනවා. ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය එංගලන්තයේදී ආරම්භ වන්නේ ලබන 30 වැනිදායි.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *