ශ්‍රී ලංකන් යානයෙන් චීනෙට යන්න හැදූ ගෝනුස්සන්

ශ්‍රී ලංකාවේ ගෝනුස්සන් 200ක් නීති විරෝධී ලෙස චීනය බලා රැගෙන යෑමට තැත් කළ චීන ජාතික ගුවන් මගියකු කටුනායක ගුවන්තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේදී රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගත්තා.

ඔහු විවිධ රටවලින් සතුන් මේ ආකාරයට චීනයට රැගෙන විත් පසුව අභිජනනය කර අලෙවි කිරීමේ යෙදී සිටින පුද්ගලයෙකු බවයි හෙළිව ඇත්තේ.

ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල සංචාරය කර ඇති අතර එහිදී ඔහුට හමුවූ ත්‍රිරෝද රථ රියැදුරන් මඟින් මෙම ගෝනුස්සන් සොයා ගත් බව මෙම චීන ජාතිකයා රේගුව හමුවේ අනාවරණය කර තිබෙනවා.

ඔහු චීනයේ ග්වැන්ෂෝ බලා පිටත්ව යන ශ්‍රීලන්කන් ගුවන් සේවයේ යූ.එල්. – 880 දරන ගුවන් යානයට පැමිණ ඇති අවස්ථාවේ මෙම ගෝනුස්සන්ව ගමන්මල්ලේ විශේෂ කූඩු තුළ බහා සඟවාගෙන සිටියදී හසු වුණා.

You May also like

Comments are closed, but trackbacks and pingbacks are open.