පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ රහසිගත ලිපි ලේඛන සහ රහස්‍ය තොරතුරු සැකකරුවන්ට ලබාදුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් එම කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී වෛද්‍යලංකාර මහතා ඇතුළු එහි නිලධාරීන් පිරිසකට එරෙහිව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
මේ අතර මූල්‍ය අපරාධ කොට්ඨාසයේ ඇතැම් නිලධාරීන් අසීමිත ධනයක් සහ දේපළක් උපයා ඇති බවට ලැබී ඇති තොරතුරු මත ඒ සම්බන්ධයෙන්ද විමර්ශන කි‍්‍රයාත්මක කර තිබෙන බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග සඳහන් කළා .
පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය මගින් සිදුකළ මහා පරිමාණ මූල්‍ය වංචා කීපයකට අදාළ තොරතුරු සැකකරුවන්ට ලබාදී මුදල් දේපළ ඇතුළු විවිධ වටිනා දේ ලබාගැනීම සම්බන්ධයෙන් එම කොට්ඨාසයේ නිලධාරීන් පිරිසක් වෙත චෝදනා එල්ලවී තිබෙන බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පවසනවා.