අය වැය දෙවැනි වර කියවීමේ ඡන්දයෙන් ආණ්ඩුවට ජය

අය වැය දෙවැනි වර කියවීම වැඩි ඡන්ද 43 කින් සම්මත වුණා.

අය වැයට පක්ෂව ඡන්ද 119ක් ලැබුණු අතර විරුද්ධව ලැබුණේ ඡන්ද 76ක් පමණයි.

විද්‍යුත් ක්‍රමයට ඡන්ද විමසිම පැවැත්වූ අතර එක්සත් ජාතික පෙරමුණ සමග ද්‍රවිඩ ජාතික සන්ධානය පක්ෂව ඡන්දය ප්‍රකාශ කළා.

එක්සත් ජනතා නිදහස් සන්ධාන හා ජනතා විමුක්ති පෙරමුණ අයවැයට විපක්ෂව ඡන්දය භාවිත කරනු ලැබුවා.

කෙසේ වෙතත් සන්ධාන මන්ත්‍රී විජිත් විජයමුණි සොයිසා, ඒ.එච්.එම් ෆවුසි, පියසේන ගමගේ යන මන්ත්‍රිවරු අයවැයට පක්ෂව ඡන්දය භාවිත කරනු ලැබුවා.

 

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *