ත්‍රිකුණාමලය නගරයට විශේෂ ආරක්ෂාවක්

අද (13) දින ත්‍රිකුණාමලය නගරයේ පොලිසිය සහ යුද හමුදාව ඇතුළු සියලුම ආරක්ෂක අංශ විසින් මාර්ග බාධක යොදා ගනිමින් දැඩි ආරක්ෂාවක් සලසා ඇති බව වාර්තා වනවා.

ඒ හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ත්‍රිකුණාමල නාවික හමුදා කඳවුරේ රැඳී සිටින බැවින්.

නගරය පුරා ම අද දින පාසල් විවෘත වුවත් ඉතාමත් සීමිත සිසුන් පිරිසක් පමණ යි පාසල් පැමිණ තිබෙන්නේ.

කෙසේ වෙතත් අද රාජ්‍ය ආයතන අර්ධ රාජ්‍ය ආයතන පෞද්ගලික ආයතන සියල්ල විවෘත ව පවතිනවා.

එදිනෙදා අවශ්‍ය දෑ මිල දී ගැනීම සඳහා ජනතාව සාමාන්‍ය ආකාරයට නගරය පුරා සැරිසරන අතර, ඉතාමත් සාමකාමී වටපිටාවක් නිර්මාණය වී ඇති බව යි වාර්තා වන්නේ.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *