ඇමරිකාවේ නව ජනාධිපති ජෝ බයිඩ්න් ලබන 20 වනදා සිය ධුරයේ දිවුරුම්දීමට සමගාමීව එරට සියලු ප්රාන්තවල ආරක්ෂාව තර කර තිබෙනවා.
විදෙස් වාර්තා සඳහන් කළේ පසුගිය 6 වනදා වොෂින්ටනයේ කැපිටල් ගොඩනැගිල්ලේ ඇතිවූ ආකාරයේ විරෝධතා සහ කැරළි වළක්වාගැනීම සඳහා එම පියවර ගත් බවයි.
ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප්ගේ ආධාරකරුවන් විසින් විරෝධතා පා ගමන් පැවැත්විය හැකි බවට එෆ්.බී.අයි. ආයතනය අනතුරු අඟවා ඇති අතර, ආයුධ සන්නද්ධව සිටි පුද්ගලයෙකුද ඊයේ වර්ජිනියා හිදී අත්අඩංගුවට ගෙන තිබුණා.