කොල්ලුපිටියේ ඉඩමක් හොරෙන් විකිණූ ‘පහකට ‘ වසර 67ක් දුන් දඬුවම

කොල්ලුපිටිය ප්‍රදේශයේ පිහිටි ඉඩමක් ව්‍යාජ ඔප්පු සකස් කර වෙනත් පාර්ශවයකට අලෙවි කිරීමේ සිද්ධියකට වරදකරු වූ එකම පවුලේ සිව්දෙනෙකු ඇතුලු විත්තිකරුවන් පස්දෙනෙකුට අද වසර 67 ක බරපතල වැඩසහිත සිරදඬුවම් නියමවුණා.

විත්තිකරුවන්ට අදාළ දඬුවම් නියම කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග තවදුරටත් නියෝග කළේ රුපියල් එක්ලක්ෂ 30,000ක දඩයක් සහ ලක්ෂ 140 ක වන්දි මුදලක් පැමිණිලිකාර පාර්ශවයට ගෙවන ලෙසයි.

2012 වසරේ ඔක්තෝම්බර් 24 වනදා කොල්ලුපිටිය ප්‍රදේශයේ පිහිටි පර්චස් 29 ක් සහිත අදාළ ඉඩමේ අයිතිකරු විදෙස් ගතවීමෙන් පසු ව්‍යාජ ඔප්පු සකස් කර විත්තිකරුවන් මෙලෙස වෙනත් පාර්ශවයකට විකුණා ඇති බවට විමර්ශනයේදී අනාවරණ වී තිබෙනවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *