රැඳවියන්ට හසුවූ ‘බන්ධනාගාර නිලධාරීයෙක්ට’ බරපතලයි

මහර බන්ධනාගාරයේ රැඳවියන්ගේ භාරයට ගත් බන්ධනාගාර නිලධාරීන් දෙදෙනාගෙන් එක් අයෙකුගේ තත්ත්වය බරපතළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

අද (30) උදෑසන රුපවාහිනී වැඩසටහනකට එක් වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ,  එම බන්ධනාගාර නිලධාරීන් දෙදෙනා මේ වන විට රෝහල්ගත කර ඇති බවයි.

“බන්ධනාගාර නිලධාරීන් සමග බහින්බස්වීමක් ඇති කර ගෙන, ඔවුන් දෙදෙනෙක්, මට බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා දැනුම් දුන් ආකාරයට, මේ රැඳවියන්ගේ භාරයට ගෙන තිබෙනවා.

බන්ධනාගාරයේ ප්‍රධාන ගේට්ටුවට අමතරව තවත් ගේට්ටු ගණනාවක් තියෙනවා. ඒ ගේට්ටු බිඳගෙන ඉදිරියට ඇවිත් තියෙනවා පිටව යෑමට. මේ අවස්ථාවේ දී බලය පාවිච්චි කරලා තියෙනවා. ඔවුන්ගේ භාරයේ සිටි බන්ධනාගාර නිලධාරීන් දෙදෙනා මුදාගෙන තිබෙනවා.

දැනට ඔවුන්ගෙන් එක් අයෙකුගේ තත්ත්වය බරපතළ බවට වාර්තා වෙලා තියෙනවා. මුලින්ම මේක ඊයේ හවස 5ට ඇති වුණේ. අද උදෑසන වන තෙක් පැය 14ක පමණ කාලයක් ගත වෙලා තියෙනවා. ඔවුන් ඊයේ රාත්‍රිය පුරාම විවිධාකාරයේ කටයුතු සිදුකර තියෙනවා. ගිනි තැබීම්, අලාභ කිරීම්, අනර්ථය කිරීම් ආදී කටයුතු සිදුකර තිබෙනවා.“

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *