බුදු පිළිම විනාශ කළ පුද්ගලයන් ගැන ඔත්තුව දුන් පුද්ගලයාට වෙඩි – ජනපතිගෙන් ඇමති කබිර්ට ඇමතුමක්

මාවනැල්ල ධනාගම ප්‍රදේශයේදි වෙඩි ප්‍රහාරයකට ලක්ව බරපතළ තුවාල ලබා සිටින අමාත්‍ය කබීර් හෂිම්ගේ සම්බන්ධිකරණ ලේකම්වරයෙක් වන මොහොමඩ් රසාක් තස්ලීම් මාවනැල්ල ප්‍රදේශයේදි බුදු පිළිම විනාශ කිරිමේ සිදුවිමට අදාලව විමර්ශනයන්ට සහාය දුන් පුද්ගලයා බව වාර්තා වනවා.

මාවනැල්ලේ බුදු පිළිම විනාශ කළ පුද්ගලයින් සම්බන්ධයෙන් වැදගත් තොරතුරු රැසක් අනාවරණය කර ගැනිමට අපරාධ පරික්ෂණ දෙපාර්තමෙන්තුවේ නිළධාරින්ට හැකිවි ඇත්තේ තස්ලිම් ගෙන් ලද තොරතුරු මතයි.

වෙඩි වැදීමෙන් බරපතළ තුවාල ලැබු මොහොමඩ් රසාක් තස්ලිම් මහ නුවර රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින අතර මේ සිද්ධිය සම්බන්ධයෙන් සැලවු විගස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කබීර් හෂීම් අමාත්‍යවරයාට දුරකථනයෙන් අමතා සිදුවිම සම්බන්ධයෙන් සොයා බලා තිබෙනවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *