නුවරඑළියේ ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් හුදකලා කෙරේ

අද (21) උදෑසන 4 සිට නුවරඑළිය දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් හුදකලා කර තිබේනවා.

යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසා සිටියේ, කොත්මලේ පොලිස් බලප්‍රදේශයට අයත් ග්‍රාම නිලධාරී වසම් 5ක් එලෙස හුදකලා කෙරෙන බවය.

ඒ අනුව කොත්මලේ පොලිස් බලප්‍රදේශයේ කලුදමද, හපුගස්තලාව, වීරපුර,‍ බෙරමණ දකුණ සහ පහළගොරක ඔය යන ග්‍රාම නිලධාරි වසම් හුදකලා කර තිබේ.

මේ අතර දිස්ත්‍රික්ක 12ක තවත් ග්‍රාම නිලධාරි කොට්ඨාස 24ක් අද උදෑසන සිට හුදකලා කරන අතර දිස්ත්‍රික්ක 12ක ග්‍රාම නිලධාරි වසම් 82ක හුදකලාභාවය ඉවත් කරන බව ද යුද හමුදාපතිවරයා ඊයේ (20) ප්‍රකාශ කළේ.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *