නෙදර්ලන්තයේ වෙඩි තැබීමක් – පාසල් සියල්ල වසා දමයි

නෙදර්ලන්තයේ යූට්රෙක්ට් නගරයේ තුවක්කුකරුවෙක් සිදුකළ වෙඩි ප්‍රහාරයකින් එක් පුද්ගලයෙක් මියගොස් තවත් තිදෙනෙක් තුවාල ලබා තිබෙනවා.

ට්‍රෑම් රථයක් ඉලක්ක කර ගනිමින් වෙඩි තැබීම සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.

නෙදර්ලන්ත පොලිසිය පැවසුවේ ප්‍රහාරය එල්ල කරනු ලැබු වෙඩික්කරු කාර් රථයකින් පළා ගොස් ඇති බවයි.

යූට්රෙක්ට් නගරයේ ආරක්ෂාව මේ වන විට තරකර ඇති අතර නගරයේ පාසැල් සියල්ලක්ම වසා දමා ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

මෙය බොහෝ දුරට ත්‍රස්ත ප්‍රහාරයක් විය හැකි යැයි ද නෙදර්ලන්ත පොලිස් ආරංචි මාර්ගවලින් කියැවෙනවා.

ආරක්ෂක අංශවලට සහ හදිසි සේවා අංශවලට ඔවුන්ගේ රාජකාරීවලට නිරත වීමට සහායවීමක් ලෙස ප්‍රධාන මාර්ගවලින් ඉවත්ව සිටින්නැයි එරට බලධාරීන්ගේ මහජනතාවගෙන් ඉල්ලා ඇතැයි ද වාර්තා වනවා.

සිදුවීම සම්බන්ධයෙන් එරට ප්‍රති ත්‍රස්ත ඒකකය හදිසි රැස්වීමක් කැඳවා ඇතැයි ද නෙදර්ලන්ත අග්‍රාමාත්‍ය මාර්ක් රට්ටේ වෙඩි තැබීම සම්බන්ධයෙන් සිය අවධානය යොමු කර ඇතැයි ද බී.බී.සී. පුවත් සේවය වාර්තා කර තිබෙනවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *