වැනීසියේ ජෙසෝලෝ නුවර පසුගියදා පැවැති ඉතාලි රූ රැජිණ තරඟයට සහභාගී වූ සෙවුමි තාරකා එහි තුන්වැනි ස්ථානය දිනාගන්නට සමත් වී තිබෙනවා. මීට අමතරව ‘හොඳම සිනහව’ යටතේත් ඇයට ජයග්රහණයක් හිමිවී තිබෙනවා.
සෙවුමිගේ දෙමවුපියන් මීට වසර 30කට පෙර ඉතාලියට සංක්රමණය වී ඇති අතර, සෙවුමි ඉතාලියේ පාදුවා නගරයෙහි උපත ලබා තිබෙනවා. මේ වන විට ඇය මෝස්තර නිරූපණ ශිල්පිණියක් හැටියට කටයුතු කරනවා.