ශානි ඇතුලු තුන්දෙනා යලි රක්ෂිත බන්ධනාගාරයට

අසත්‍ය සාක්ෂි නිර්මාණය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර ඇතුලු තුන්දෙනා ලබන මස 5 වන දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ, ඊට අදාළ නඩුව ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න හමුවේ අද කැඳවූ අවස්ථාවේදියි.

ශානි අබේසේකරට අමතරව මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ ඇඹිලිපිටිය පොලීසියට අනුයුක්තව සේවය කළ හිටපු උප පොලිස් පරීක්ෂක මෝහණ මෙන්ඩිස් සහ විශ්‍රාමික උප පොලිස් පරීක්ෂක නවරත්න ප්‍රේමතිලකයි.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *