22වෙනි උපන්දිනය වෙනුවෙන් ශනුද්‍රි අම්මටයි තාත්තටයි දුන්න අපූරූ තෑග්ග (Video)

දක්ෂ ජනප්‍රිය හුරුබුහුටි තාරකාවියක් වුන ශනුද්‍රි ප්‍රියසාද් පහුගිය දවසක එයාගේ 22 උපන්දිනය සැමරුවා. පවුලේ අයයි ළඟම යාලුවොයි එකතු කරගෙන සමරපු ශනුද්‍රිගේ මේ පාර උපන්දිනය වෙනදට වඩා ටිකක් විශේෂයි. මොකද මේ උපන්දිනය වෙනුවෙන් ටිකක් කලින් ඉඳන්ම ශනුද්‍රි අලුත් වැඩකට සුදානම් වුනා. ශනුද්‍රිගේ අලුත්ම අලුත් cover video එකක් එළිදැක්වෙනවා කියලා පණිවිඩයක් රසිකයන් අතරට ලබාදුන්නෙත් ශනුද්‍රිම තමයි. ඉතින් ශනුද්‍රිට ආදරය කරන ගොඩක් අය මේ නිර්මාණය එලියට එනකන් බලාගෙන හිටියා. කොහොමින් කොහොම හරි පහුගිය 7 වෙනිදා මේ ගීත නිර්මාණය වීඩියෝ එකක් විදිහට එළිදැක්වුණේ බොහොම මෑත කාලයේ නිර්මාණය වුන ශනුද්‍රිගේ You Tube channel එකෙන්.

ගායනයට දක්ෂකම් දක්වන තරුවක් විදිහට කා අතරත් නම් දරලා හිටපු ශනුද්‍රි මේ වැඩේ හිතුවටත් වඩා ලස්සනට කරලා තියනවා කියලා තමයි බලපු ගොඩක් අය කිව්වේ. ඒ වගේම එයා ඒ වෙනුවෙන් ගොඩක් මහන්සි වෙලා තියනවා කියලත් වීඩියෝ එක දකින ඕනම කෙනෙක්ට තේරුම් ගන්න ලොකු වෙලාවක් යන්නේ නෑ. රිලීස් කරලා වැඩි දවසක් යන්න කලින් මේ වීඩියෝ එක you tube trending වලටත් ඇවිල්ලා තිබුණේ හිතුවටත් වඩා හොඳ ප්‍රතිචාරත් එක්ක කියලා තමයි ශනුද්‍රිනම් කියන්නේ.

මේ වීඩියෝ එකේ තවත් පොඩි විශේෂත්වයක් තිබුනා. ශනුද්‍රි තමන්ගේ උපන්දිනය වෙනුවෙන් අම්මටයි තාත්තටයි උපහාරයක් විදිහට මේ වීඩියෝ එක නම් කරන්න තීරණය කරලා තිබුනා. අවුරුදු 22කට කලින් තමන්ව මේ ලෝකෙට ගෙනල්ල මෙච්චරකල් බොහොම ආදරයෙන් බලා කියා ගත්තට උපහාරයක් විදිහට මේ වීඩියෝ එක ඒ දෙන්නා වෙනුවෙන් නම් කරන්න ශනුද්‍රි ගත්ත තීරණය අගය කල යුතු එකක් කියලයි ගොඩක් අයගේ අදහස වුනේ.