නව යුධ හමුදාපති ගැන ඇමරිකාව දැඩි අවධානයෙන්

අද දින නව යුද හමුදාපති ලෙස පත් වූ මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ පත්වීම සම්බන්ධයෙන් අමෙරිකා එක්සත් ජනපදයේ විශේෂ අවධානය යොමු වී ඇති බව නිවේදනයක් නිකුත් කරමින් මෙරට අමෙරිකානු තානාපති කාර්‍යාලය කියා සිටිනවා.

විශේෂයෙන්ම එක්සත් ජාතීන් ඇතුලු අනෙකුත් සංවිධාන විසින් ඔහුට එල්ල කර ඇති මානව හිමිකම් චෝදනා බරපතල සහ විශ්වාසනීය තත්වයක පවතින බව එම කාර්‍යාලය පෙන්වා දෙනවා.

සංහිඳියාව සහ සමාජ සහයෝගීතාවය පවත්වා ගැනීම අත්‍යවශ්‍ය මොහොතක සිදු කල මෙම පත් කිරීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර කීර්තිනාමය, යුක්තිය සහ වගවීමේ ක්‍රියාවලිය හෑල්ලුවට ලක් වී ඇති බව එක්සත් ජනපද බලධාරීන්ගේ අදහසයි.