” ලෝකය වෙනස් කිරීම සඳහා ඔබ අත්‍යවශ්‍යයි” – ලංකාවේ ඉපිද එක්සත් රාජධානියේ බලවත් ම කාන්තාවන් 40 දෙනා අතරට එක්වූ ඇය කියන කතාව

2018 වසරේදී එක්සත් රාජධානියේ තාක්ෂණ ක්ෂේත්‍රයේ බලවත් ම කාන්තාවන් 40 දෙනා අතරට ශ්‍රී ලංකාවේ උපන් කාන්තාවක් ද ඇතුළත්ව සිටින බව බීබීසී පුවත් සේවය වාර්තා කර තිබෙනවා.

1991 පෙබරවාරි 28 වන දා ශ්‍රී ලංකාවේදී උපත ලැබූ ඇය බ්‍රිතාන්‍යයේ අන්තර්ජාලය ඔස්සේ ඡන්දය ප්‍රකාශ කිරීමේ ක්‍රමවේදය නිර්මාණය කිරීම ඇතුළු විශේෂ පරිගණක තාක්ෂණික කාර්යයන් ගණනාවකට දායකත්වය ලබා දී ඇති බවයි එහි සඳහන් වන්නේ.

නිරූෂිකා යනුවෙන් මෙලොව එළිය ලබා දින 15කට පසු ඇය අයර්ලන්ත ජාතික යුවළක් වෙත භාර දී ඇති අතර පසුව ඔවුන් ෂෙරී ඇචෙසන් ලෙස ඇයට නම් තබා තිබෙනවා.

පසුව ඇය තමන් හදා වඩා ගත් අයර්ලන්ත දෙමාපියන් යටතේ අධ්‍යාපනය ලබා එක්සත් රාජධානියේ තාක්ෂණ ක්ෂේත්‍රයේ බලවත් ම කාන්තාවන් 40 දෙනා අතරට එක් ව ඇති බවයි බීබීසී පුවත් සේවය පවසන්නේ.

ෂෙරී ඇචෙසන්, අවස්ථා රැසකදී ලෝක අර්ථීක සමුළුව අමතා ඇති අතර, කාන්තාවක ලෙස මේ වන විට සිය ක්‍රියාකාරීත්වය සහ ශ්‍රී ලංකාවේ කාන්තාව ගැන දරන අදහස් පිළිබඳව බීබීසී සිංහල සේවය සමග ඇය දැක්වූ අදහස් පහතින් දැක්වෙනවා.

“බ්‍රිතාන්‍යයෙයි ශ්‍රී ලංකාවෙයි සංස්කෘතීන් ගොඩක් වෙනස්. ශ්‍රී ලංකාවේ කාන්තාවන් ඉදිරියට තල්ලු කිරීම ඉතා අපහසුයි. ඒත් මට කියන්න තියෙන්නේ, ශ්‍රී ලාංකික කාන්තාවනි, ලෝකය වෙනස් කිරීම සඳහා ඔබ අත්‍යවශ්‍යයි.ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල වැනි ආයතනවල සේවය කරන විද්වත් කාන්තාවන් ඉදිරියට පැමිණ අනෙක් කාන්තාවන්ට ආදර්ශයක් සැපයිය යුතුයි.

ඔබට සයිබර් අවකාශය භාවිත කළ හැකි නම් ඒ මගින් ඔබට ගෝලීය ප්‍රජාව වෙත පිවිසෙන්න පුළුවන්. ඔවුන් ඔබේ හඬ ලෝකය වෙත ගෙන යාවි,”

 

                                                                ඇය කුඩා කාලයේ දී

 

                                                                    ඇය වර්තමානයේ දී

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *