හෙට සිට ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ පුටුවට ෂර්මිලා

ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව සඳහා නව අධ්‍යක්ෂ ජනරාල්වරියක් පත්කර තිබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නව අධ්‍යක්ෂ ජනරාල්වරිය ලෙස ෂර්මිලා රාජපක්ෂ මහත්මිය පත් කළ බව ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ඒ අනුව ඇය හෙට (28) දිනයේ සිය ධුරයේ වැඩ භාරගැනීමට නියමිතය. වෘත්තියෙන් ගණකාධිකාරිවරියක් වන ෂර්මිලා රාජපක්ෂ මහත්මිය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ගණකාධිකරණය සහ මුල්‍ය කළමණාකරණය පිළිබඳ ප්‍රථම ගෞරව උපාධියක් ලබා කොළඹ විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ලබාගෙන ඇත.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *