ප්‍රදේශ කිහිපයක වෙඩි තැබීම් -තිදෙනෙක් මරුට

දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් ඊයේ (05) දිනය තුළ වෙඩි තැබීම් කිහිපයක් සිදු වී ඇති බව පොලිස් මාධ්‍ය කාර්යාලය නිවේදනය කරයි.

මෙම නිවේදනයට අනුව ලුණුගම්වෙහෙර පොලිස් වසමේ තිස්සමහාරාම ප්‍රදේශයේ ඊයේ (05) රාත්‍රී සිදු කළ වෙඩි තැබීමකින් තිස්සමහාරමයේ පදිංචි 34 හැවිරිදි පුද්ගලයෙකු මරණයට පත් වී තිබෙයි. මරණකරුගේ නැගණියගේ ස්වාමිපුරුෂයා විසින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති බව පොලිසිය වැඩිදුරටත් පවසයි.

මේ අතර අහංගම පොලිස් වසමේ ගොවියාපාන ප්‍රදේශයේ අවන්හලක ඊයේ (5) රාත්‍රියේ සිදු වූ වෙඩි තැබීමකින් මිදිගම පදිංචි 40 හැවිරිදි පුද්ගලයෙකු මිය ගොස් ඇති බව පොලිසිය සදහන් කරයි.

මෙම වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

වත්තල පොලිස් වසමේ සිදු වූ පිහි ඇනුමකින් 41 හැවිරිදි පුද්ගලයෙකු මිය ගොස් තිබෙයි.පෙර දින (03) රාත්‍රියේ යතුරු පැදියෙන් තම සේවා ස්ථානයට ගමන් කරමින් සිටිය දී නාදුනන පිරිසක් විසින් මෙම පිහි ඇනුම සිදු කර ඇති බව පොලිසිය වැඩිදුරටත් සදහන් කරයි.

You May also like

Leave a Reply

Your email address will not be published.