බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රිවරයෙකුට බෙලිඅත්ත පල්අත්තර දෙබොක්කාව මෝදරවාල ප්‍රදේශයේ සිය නිවස තුළදී වෙඩි වැදී තිබෙනවා.
වෙඩි ප්‍රහාරයන් 04ක් පමණ එල්ල වී ඇති බවට සැක කෙරෙන අතර ඔහුගේ කකුලකට වෙඩි වැදී ඇති බවයි වාර්තා වුණේ.
නිවසේ ඔහුගේ කාමරයේ ඇඳ අසළදී මෙම වෙඩි තැබීම කිසියම් අයෙකු විසින් සිදු කර ඇති බවයි මේ වනවිට වාර්තා වන්නේ.
අමරකෝන් මනම්පේරිගේ කපිල ප්‍රියදර්ශන නම් මෙම මන්ත්‍රිවරයා අද (20) උදෑසන 6.15ත් 7.30ත් අතර කාලයේදී මෙම සිද්ධියට මුහුණ දී තිබෙනවා.
මේ වන විට ඔහු තංගල්ල රෝහලේ ප්‍රතිකාර ලබනවා.