කලවානේ කඩ වැසේ – කොරෝනා රෝගියෙක් හමුවේ

රත්නපුර කලවාන ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිත වූ වාර්තා වූ බව පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කපිල කන්නන්ගර මහතා සඳහන් කරනවා.

මේ හේතුවෙන් කලවාන ප්‍රදේශයේ වෙළඳසැල් වරා වසා දැමීමට එහි වෙළෙඳ සංගමය තීරණය කර තිබුණා.

එමෙන්ම රත්නපුර දිස්ත්‍රීක්කයේ කුරුවිට, ඇහැලියගොඩ සහ රත්නපුර ප්‍රදේශවලින්ද කොරෝනා ආසාදිතයන් වාර්තා වුණා.

මෙම සිවු දෙනාම කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානය හා සම්බන්ද රාජකාරිවල යෙදී සිටි අය වනවා.

ඔවුන් සියලු දෙනාගේම සමීපතමයන් නිරෝධායන කදවුර වෙත යොමු කර ඇති බව ද කන්නන්ගර මහතා පැවසුවා.

එමෙන්ම ඔවුන්ගේ දෙවැනි පෙළ ආශ්‍රිතයන් 60 දෙනෙකු පමණ ස්වයං නිරෝධායනයට ලක්කර ඇති බවද වෛද්‍යවරයා තවදුරටත් කියා සිටියා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *