දිවයිනේ රෝහල්වල අත්‍යවශ්‍ය ඖෂධ හිඟයක්?

මහරගම අපේක්ෂා රෝහල ඇතුළු දිවයිනේ රෝහල් ගණනාවක පවතින අත්‍යවශ්‍ය ඖෂධ හිඟය උග්‍ර වී ඇති බව වෛද්‍යවරුන් ඇතුලු පාර්ශව කිහිපයක් අද(01) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවලදී අනාවරණ කළේය.

ඔවුන් පැවසුවේ, අපේක්ෂා රෝහලේ අත්‍යාවශ්‍ය ඖෂධ නොමැතිවීමෙන් ඇතැම් රෝගීන්ගේ ජීවිත අවදානම් තත්ත්වයකට පත්ව ඇති බවයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ ශාඛා සමිති සංගමය අපේක්ෂා රෝහලේ සමාජිකයින් පෙන්වා දුන්නේ සුවකළ හැකි පිළිකා රෝගීන්ට අවශ්‍ය ඖෂධය නියමිත කළට නොදුන්නහොත් නැවත රෝගය මතුවන බවයි.

ඔවුන් වැඩිදුරටත්කියා සියියේ වේදනා නාශක ඖෂධවල හිඟතාවයන් පවතින බවත් එම ඖෂධ දැනටත් අපේක්ෂා රෝහල තුළ නොමැති බවත්ය.

මේ අතර නිදහස් සෞඛ්‍ය සේවයක් සඳහා ජනතා ව්‍යාපාරය වෛද්‍ය කැඳවුම්කරු ඩිලාන් ප්‍රනාන්දු මහතා කියා සිටියේ රෝහල් ගණනාවක මෙම ඖෂධ නොමැති බවයි.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *